ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවේ ජී-20 සභාපති ධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය නොවැම්බර් 8 වැනිදා වීඩියෝ සම්මන්ත්‍රණ හරහා එළිදක්වන බවයි.

ජී-20 සභාපතිත්වය 2022 දෙසැම්බර් 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා ඉන්දියාව විසින් භාරගනු ඇත.

ජී-20 සභාපති ධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය ඉන්දියාවේ පණිවිඩය සහ ලෝකයට පුළුල් ප්‍රමුඛතා පිළිබිඹු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ප්‍රශ්න පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දායක වීමට ජී-20 සභාපති ධුරය ඉන්දියාවට සුවිශේෂී අවස්ථාවක් ලබා දේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගෝලීය වේදිකාවේ නායකත්ව භූමිකාවන් භාර ගැනීම සඳහා විකාශනය වෙමින් පවතී.

ජී-20 යනු ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 85% ක්, ගෝලීය වෙළඳාමෙන් 75% කට වඩා සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ නියෝජනය කරන ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව සඳහා වන ප්‍රමුඛ සංසදය වේ. එහි ජී 20 සභාපති ධුර කාලය තුළ ඉන්දියාව විවිධ අංශ 32 ක රැස්වීම් 200 ක් පමණ ඉන්දියාව පුරා විවිධ ස්ථානවල පවත්වනු ඇත.

2023 සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වීමට නියමිත ජී-20 සමුළුව ඉන්දියාව විසින් පවත්වනු ලබන ඉහළම මට්ටමේ ජාත්‍යන්තර රැස්වීම්වලින් එකක් වනු ඇත.

ඉන්දියාව දැනට ඉන්දුනීසියාව, ඉතාලිය සහ ඉන්දියාව ඇතුළත් ජී-20 ට්‍රොයිකා (වත්මන්, පෙර සහ එන ජී-20 සභාපති තනතුරු) හි කොටසකි.

එහි සභාපති ධුර කාලය තුළ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ බ්‍රසීලය ට්‍රොයිකා පිහිටුවනු ඇත. ට්‍රොයිකා ත්‍රිත්වය සංවර්ධනය වෙමින් පවතින රටවල් තුනකින් සහ නැගී එන ආර්ථිකයන්ගෙන් සමන්විත වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්