කන පැලූ ASP දළුවත්තට මාරුවීමක්
- RSL
- October 13, 2017
- උණුසුම් පුවත්
- ASP Daluwaththa
- 0 Comments
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදියකුට පහරදුන් සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතර කොට්‌ඨාසයට මාරු කර තිබේ.
පොලිස් කොමිසම මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණයකට අනුව මෙම ස්‌ථාන මාරුව සිදු කර ඇත.
එම පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනකු පොලිස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරමින් මෙම ස්‌ථාන මාරුව සිදු කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස මහතා පවසයි.
එම ත්‍රි පුද්ගල විමර්ශන කමිටුවේ සභාපතිවරයා ලෙස ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අධ්‍යක්‌ෂ මහින්ද මොරොගොල්ල මහතා පත් කර ඇත.

