ඩොලර් බිලියන 03 ක් ඇදෙන ක්‍රමයට
- RSL
- May 9, 2016
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය මුදලක් ලබාදීමට එකඟතාවය පළකොට තිබේ. ඉදිරි තුන් අවුරුදු කාලසීමාව තුළ (2017 – 2019) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙලෙස මුල්‍යාධාර ලබාදීම සිදුවනු ඇත.
ඒ අනුව නව දුම්රිය මාර්ග, වරාය සංවර්ධන ව්‍යාපෘති, විදුලිය සම්ප්‍රේෂණ මාර්ග වැඩිදියුණු කිරීම, මහා මාර්ග හා ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමට මේ මුදල් යොදාගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ආසියානු සංවර්ධන බැංකුව, සෑම වසරක් පාසාම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 – 500ත් අතර මුදලක් ලබාදෙනු ලැබේ.