තේරීම් කාරක සභාවට කැඳවූ අසාද් සාලි වැරෙන් පහරදෙන අතරේ කඳුළුත් සලයි (වීඩියෝ)

Spread the love

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අමතරව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මව්ලවි තුමන් සහ කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති මුහම්මද් සුබෙයි ද කමිටුව හමුවේ අද සාක්ෂි ලබාදුන්නේය.

තව්හිද් ජමාත් සංවිධානය හා කාත්තාන්කුඩි පොලීසිය එකට එක්ව වැඩ කළ බව අසාද් සාලි මහතා එහිදි පැවසීය.

2017 වසරේ දී කාත්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120 ක් ගිනි තැබු බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් තුළ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැවසු අසාද් සාලි මහතා, ජනතාව උද්ඝෝෂණ කළ බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ සිටි ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යැවු බවත් පැවසු අසාද් සාලි මහතා, තව්හිද් ජමාත් සංවිධානය හා එක්ව සිටි බවත් එනිසා පාරම්පරික මුස්ලිම් ජනතාවට කිසිදු පැමිණිල්ලක් දැමීමට අවස්ථාව හිමි නොවුන බවත් එවන් අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් පැවසීය.

එහිදී විශේෂ කාරක සභාවේ සිටි සමාජිකයින් කියා සිටියේ මෙම චෝදනාව ඉදිරිපත් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි. එහිදී අසාද් සාලි මහතා කියා සිටියේ, තමාට සාක්ෂි දෙන්න එන්න කියු බැවින් පැමිණි බවත්, සාක්ෂි රැගෙන ඒමට තරම් ප්‍රමාණවත් කාලයක් තමාට නොතිබුණ බවත්ය.

කෙසේ වෙතත් තමන් බෝම්බ ප්‍රහාරයන්ට සතියකට පෙර දීද සහරාන් නැමැත්තා ගැන පැවසු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts