ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු උභය පාර්ශවයෙන් ඒකමතික තීරණයක්!
- RSL
- October 18, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි.
අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි.
අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී රැස් වූ අතර එහිදී නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
මෙම හමුව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගිහි විද්වතුන් ද සහභාගි වී තිබුණි. එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මේ බව පැවසීය.

