අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 22ක් අත්අඩංගුවට

Spread the love

මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන් කරන එම කොමිසම පෙන්වා දෙන්නේ ඉන් පැමිණිලි 20ක් සම්බන්ධයෙන් සාර්ථකව වැටලීම් සිදුකළ බවයි.

මින් වැඩිම පැමිණිලි පොලිස් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව ලැබී ඇති බවද එම කොමිසම සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් 5 දෙනෙකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නිලධාරීන් 4 දෙනෙකු, ප්‍රාදේශීය සභා හා නගර සභාවලට අනුයුක්ත නිලධාරීන් 4 දෙනෙකු, අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් දෙදෙනෙකු සහ කම්කරු දෙපාර්තමේන්තුවේ හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ එක් නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර තවත් පිරිසක් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ. මේ අතර අල්ලස් පිළිබඳ පැමිණිලි අල්ලස් කොමිසමේ ක්ෂණික ඇමතුම් අංක 1954 ට ලබා දෙන ලෙසද එම කොමිසම ඉල්ලීමක් කරයි.

එසේත් නොමැති නම් අදාළ තොරතුරු කොමිසම වෙත පැමිණ ලබා දිය හැකි අතර එසේත් නොමැති නම් ලිපි මඟින් එවිය හැකි බවද එම කොමිසම සඳහන් කරයි.