අර්ජුන්ගේ බැඳුම්කර!
- RSL
- April 25, 2016
- පුවත් සහ වාර්තා
- Arjuna Mahendran, news, reports
- 0 Comments
නැවතත් මහබැංකුවේ බැඳුම්කර සිද්ධියක් ඇවිළී යමින් තිබේ. ගින්නක් නැති ව දුමක් නඟින්නේ නැත. වැටත් නියරත් ගොයම් කාගෙන යද්දීෝ අමාරුව කියන්නට කෙනෙක් ඇත්තේ ද නැත. සුදු කරපටි වංචා ගැන සමාජය පවා බොහෝවිට නිහඬ ය.
පසුගිය මාර්තු 29 දා සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී ප්‍රකාශ කරන ලද ප්‍රමාණයට වඩා තුන්ගුණයක් බැඳුම්කර නිකුත් කර ඇති බව වාර්තා වෙයි. එයින් දැනට රුපියල් කෝටි 200කට අධීක පාඩුවක් රජයට සිදු වී ඇති බවත්, ඉදිරියේ දී එම පාඩුව දිගින් දිගට ම වැඩි වන්නට ද නියමිත බව කියැවේ.
පසුගිය වතාවේ ද මේ බැඳුම්කර සිද්ධිය ගැන මහබැංකු අධිපතිවරයා චෝදනාවට ලක් වුණු අතර මෙවර ද වගකීම ඔහු භාරගත යුතු ය.
