අර්ජුන් ඇලෝසියස් තමන්ටත් සල්ලි දුන් බව ෆීල්ඩ් මාෂල් ප්‍රසිද්ධියේ කියයි (Video)
- RSL
- May 31, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස් තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
මගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීමට මුදල් හිඟයි කියලා මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් කිව යුතුයි එක්‌සත්ජාතීන්ගේ සංවිධානයෙනුත් මගේ අමාත්‍යාංශයට මුදලක් හිමිව තිබෙනවා.
මුදල් හිඟකමක් නොමැති වුවත් පිරිස් බලයේ යම් හිඟතාවයක් තිබෙනවා. ඒවා ඉදිරියේදී පිරවිය යුතුයි.

