රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!
- RSL
- November 17, 2017
- උණුසුම් පුවත්, විමර්ශන
- Bond Commission, Ravi Karunanayake
- 0 Comments
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ.
ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් අද දින බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත.
එම කරුණු අනුව හිටපු මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාද මෙම පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු මෙන්ම අදාළ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව රවී කරුණානායක මහතාගේ බිරිද මෙලා කරුණානායක මහත්මිය 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 320ක් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී ඇත.
එමෙන්ම රවී කරුනානායක මහතාගේ දියණියන් දෙදෙනාගෙන් ඔනෙලා කරුණානායක අවස්ථා 18කදීත් ශෙනෙලා කරුණානායක අවස්ථා 05කදීත් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී තිබේ.

