පරාජයේ සලකුණ ලෙස නම් තැබූ මැතිව්ස් ගෙදර යන්න සූදානම් බව කියයි

Spread the love

තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට දැරිය නොහැකි බවද මැතිව්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

මැතිව්ස්ට අදාළ තනතුරෙන් ඉවත්වීමට පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා දැන්වීමෙන් ඔහු පුදුමයට පත්ව ඇති බවද සඳහන් වේ. ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමග තරගය පරාජය වීමෙන් පසුව මැතිව්ස්ගෙන් මේ සම්බන්ධ විමසුවද ඔහු කලකිරීමක් සඳහන් කළත් නායකත්වයෙන් ඉවත් වන බවක් එදින සඳහන් නොකළද පරාජයේ පූර්ණ වගකීම තමාගේ කරමත පැටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

තමා නායකත්වය දැරූ කාලයේදී සියලූම තීරණ තේරීම් කමිටු සාමාජිකයන් සහ පුහුණුකරුගේ අනුදැනුම මත ගත් බවත් මැතිව්ස් පෙන්වා දෙයි. වසර පහක් ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දරා 2017 දී සමුගත්තද, යළිත් නායකත්වය තමන් භාර ගත්තේ පුහුණුකරු සහ තේරීම් කමිටුවේ ඉල්ලීම මතද බව මැතිව්ස් සඳහන් කරයි.

කෙසේ වෙතත් තවදුරටත් කණ්ඩායමේ රැුඳී සිටීමට තරම් දක්ෂතාවක් තමා සතු බව අදාළ ලිපියේ සඳහන් කර ඇති මැතිව්ස් යම් හෙයකින් තමාගේ සේවය අනවශ්‍යනම් සමුගැනීමට වුවත් සූදානම් බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. දිනේෂ් චන්දිමාල් මැතිව්ස්ගෙන් හිස්වූ ශ්‍රී ලංකා එක්දින නායකත්වයට පත්කර ඇති අතර මැතිව්ස් සිය ලිපියේදී කණ්ඩායමට සුබපතමින් අවසන් කර තිබේ.

RSL

Related Posts