ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන ICCයෙන් පැහැදිළි කිරීමක්

Spread the love

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ.

මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 16 ක් පන්දුවට පහර දීමට සිදුවිය. අනතුරුව ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගයද මෙහිදී පැවැති අතර අයර්ලන්තය ලකුණු 96 කට සීමා විය. කෙසේ වෙතත් ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එය හඹා යෑම සඳහා පන්දුවාර 10 ක් ගතවූ අතර ඒ අතරතුරදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දුවක් අතේ වැදීම නිසා ක්‍රීඩාංගණයෙන් ඉවත්ව යෑමට සිදුවීමද කැපී පෙනෙන සිදුවීමක් වූවේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, නාසූ ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වූ තරම් හොද ප්‍රතිඵල ගෙන නොදුන් නමුත්, ඉදිරි තරග සඳහා ලබා දිය හැකි ඉහළම මට්ටමේ තණතීරු ලබාදීමට උත්සාහ ගන්නා බව සඳහන් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙහි තවත් තරග 6 ක් පැවැත්වීමට නියමිත අතර ඊට ලබන 09 වැනිදා පැවැත්වෙන ඉන්දීයාව සහ පාකිස්තානය අතර තරගය ඇතුළත්ව තිබේ.

Related Posts