අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

Spread the love

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් මහතා පවසා ඇත්තේ මෙවන් අදහසක්.

“අපිට දේශිය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්. අයි.එස්.අයි.එස් සහ අල් – කයිඩා වැනි සංවිධාන පැරිසිය සහ වෙනත් තැන්වලදි ප්‍රහාර දියත් කළත් අපට ප්‍රහාර එල්ල කිරිමට අපොහොසත් වුණා.

ඇත්තටම මම හිතන්නේ මෙවැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සෑදිම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකියි. සැබැවින්ම අතීතය ගැන කතා කළොත් මෙවැනි කණ්ඩායමක් ඔබ සතුව සිටියා යුද්ධය පැවැති සමයේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ.

ඔහු පෞද්ගලිකව එය හෙඹවු අතර රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ පිරිස් දක්වා ලබාදෙනු ලැබුවා. ඔවුන් එහිදි එම තොරතුරු විශේෂ අධ්‍යනයකට ලක්කෙරු අතර ඒ තුළින් ප්‍රහාරයන් එල්ල නොවිමට වගබලා ගනු ලැබුවා.”

ඒත් ඇත්තම යථාර්තය

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පවසන පරිදි ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශ සහ ආරක්ෂක ක්‍රම උපායන් සූක්ෂම සහ දක්ෂ ඒවා වූවානම් රාජපක්ෂ රෙජීම පාලන සමයේ ආරක්ෂක අංශ භාරව සිටි රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ රටේ විවිධ ස්ථාන 80 කට අධික ප්‍රමාණයක බෝම්බ ප්‍රහාර සහ මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවන්නේ කෙසේද..?

ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය ශක්තිමත් නම් ඔහු ආරක්ෂක ලේකම්ව සිටියදී ඔහුට පිත්තල හංදියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ කෙසේද..?

ගෝඨාභය රාජපක්ෂට ඔය තරම් නම් ආරක්ෂක ඥානයක් තිබුනේ නම්, ශක්තිමත් බුද්ධි අංශයක් තිබුණේ නම් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදී කණ්ඩායමක් ගුවනින් පැමිණ රටේ අගනුවර වූ කොළඹ ආර්ථික මරමස්ථානවලට ගුවනින් බෝම්බ හෙළන්නේ කෙසේද..?

එසේම මෙම පාස්කු ප්‍රහාරයේදී එකම ස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වන්නේ ෂැංගිලා හෝටලයටය. එම හෝටලයේ ආරක්ෂක අංශ භාරව සිටියේ වෙන අන්කවරෙකුවත් නොව ගෝඨාභයගේ බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හේන්දවිතාරණය.

රොබටෝ ඕ බේල්ක් නොදත් ගෝඨාභයේ බුද්ධි අංශවල තරම

2006 වසර යනු, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රාජ-පාක්‍ෂිකයන් තමන්ගේ ඊනියා ඔත්තු සේවය ඉතාම ඉහළින් පවත්වාගෙන ගිය කාලයකි. හැම තැනම හමුදා මුරපොළවල්ය. මාර්ග වසාදමලාය. ප්‍රභූන් යන එන විට ඒ මාර්ග සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, මහජනතාව පිටුපස හරවා කාණුවලට බැස්සීම පුරුද්දක් ලෙස සිදුවිය.

එහෙත් ඒ වසරේ දෙසැම්බර් 1 වැනිදා උදේ, කොළඹ පුරහල, පිත්තල හන්දියේදී ගෝඨාභය රාජපක්‍ෂට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ගෝඨාභය රාජපක්‍ෂ, වාහන නවයකින් යුත් තම ආරක්‍ෂක රථ සමූහය පිරිවරාගෙන, සිය නිවසේ සිට ටරට් පාර හරහා ගාලු පාරට වැටී, අරලියගහ මන්දිරයේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට යමින් සිටින විනාඩි කිහිපයක කාලය තුළ සිදුවුණු ඒ ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයෝ දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. ත්‍රීවීලරයක (ඩබ්ලිව්පී ජීඑච් 0617) සිට එල්ලවුණු ඒ ප්‍රහාරයෙන් වටාපිටාවේ තිබුණු වාහන විශාල ගණනක් විනාශ විය. ගෝඨාභයගෙත් ජීවිතය බේරුණේ අනූනවයෙනි. ඇත්ත වශයෙන්ම ඔහුගේ ජීවිතය බේරුණේ, එකම හේතුවක් නිසාය. ඔය කියන බුද්ධි අංශ නිසා නොව, වෙඩි නොවදින බීඑම්ඩබ්ලිව් රථයට පින් සිදුවන්නටය. ප්‍රහාරයෙන් පසු, බීඑම්ඩබ්ලිව් රථයේ දොරවල් අගුලු වැටී තිබුණු අතර, ඒවා විවෘත කර ගෝඨාභය බේරාගන්නට අලවංගු යොදා දොර කඩා දමන්නට සිදුවිය. පසුව සොයාගත් තොරතුරු අනුව, සිය නිවෙසින් කාර්යාලය දක්වා ඔහු පිටත්ව යන වේලාව නිශ්චිතව බෝම්බකරුට ලබාදුන්නේ ඇතුළේම සිටි කෙනෙකු- විසින්ය. ගෝඨාභයගේ ඊනියා ඔත්තුකරුවන්ගේ විස්මිත හැකියාව එලෙසය. තමන්ගේම ඔත්තුකරුවන් යොදා තමන් ඝාතනය කරන්නට එන මරාගෙන මැරෙන බෝම්බකරුවා ගැන තොරතුරු සොයාගන්නට අසමත් වුණු ගෝඨාභය රාජපක්‍ෂ, ගැන අද අමෙරිකාවේ රාජත්‍රාන්ත්‍රිකයෙකු වූ රොබට් ඕ බ්ලේක් වැන්නෙකු දැන හෝ නොදැන ගෝඨාභය සහ ඔහුගේ ඔත්තු සේවාවල ගුණ වර්ණනා කිරීම මහා විහිළුවක් මෙන්ම පිළිකුලකි.

එපමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයේ ත්‍රස්තවාදී සංවිධානයක් පළමුවරට ගුවන් පැමිණ රටේ අගනුවර වූ කොළඹ මරමස්ථානවලට බෝම්බ දැමූයේ අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් අද තම හැදිවතද උනාදමමින් ගුණ සහ දක්ෂතා වර්ණනා කළ ගෝඨාභය රාජපක්ෂ බුද්ධි අංශ මෙහෙයවමින් ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ සමයේදී බව සිහි තබාගත යුතුය.

පාස්කු ප්‍රහාරය පිටුපස අමෙරිකාව

පසුගිය අප්‍රේල් 21වනදා සිදුවූ පාස්කු ප්‍රහාරය පිටුපස අමෙරිකානු එක්සත් ජනපදය මේ වන විට ප්‍රබල භූමිකාවක් රඟ දක්වා ඇතිබවට සාධාරණ සැකයක් මතුකරවන කරුණු රාශියක් මේ වන විට මෙරට සවිඤ්ඤානික ජනතාව හමුවේ අනාවරණය වී අවසානය.

අයි.එස්. සහ තව්හිද් ජමාද් යනු සෞදි-ඊශ්‍රායෙල්-ඇමෙරිකන් හවුල මඟින් රෝපණය කොට පෝෂණ කළ බළල් අත්ය. ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි සහිත උදාහරණ ඇත. මේ අමෙරිකානු එක්සත් ජනපදය අයි. එස්. ඇතුළු ඊට සමගාමී සංවිධාන කිහිපයකට ක්‍රියාකාරීව සහයෝගය දුන් බවට වන උදාහරණ කිහිපයකි. මෙය දින වකවානු සහිත සාක්ෂි සමඟින් හෙළිදරව් කරන්නේ ජාත්‍යන්තර මන්ට් ප්‍රෙස් පුවත්පතයි. මේ එම අනාවරණයයි.
https://www.mintpressnews.com/us-support-isis/245868/

එසේම මෑතකදී රුසියානු ප්‍රහාරක යානා ඇලෙප්පෝ නගරයේ අයි.එස්. මූලස්ථානය මිසයිලයක් යවා විනාශ කළේය. අලෙප්පෝ අයි.එස්. මූලස්ථානය පොළොවට සමතලා විය. එහි මිය ගිය උන් අතර ඊශ්‍රායෙල් 8ක්, ඇමෙරිකානු 7ක්, සෞදි ජාතිකයන් 5ක් , බ්‍රිතානය 6ක්, බෙල්ජියම් 2ක්, තුර්කි ජාතිකයන් 2ක් වූහ . (https://newspunch.com/russia-kill-us-british-israeli-troops-training-isis/)  සෞදි-ඇමෙරිකන්-ඊශ්‍රායෙල් ‘ත්‍රීසම් ගේම්’ වලට තවත් උදාහරණ කුමටද ? අයි.එස්. සහ තව්හීද් ජමාත් යනු සෞදි- ඊශ්‍රායෙල්-ඇමෙරිකා හවුලේ කුලී හේවායන්ය. අයි.එස්. මීඩියා ඒකකය පාස්කු ප්‍රහාරය අයි.එස්. වැඩක් බව ප්‍රකාශ කොට ඇත, එසේනම් නම් ඒ පි‍ටුපස සිටින්නේ අමෙරිකාවයි.

එපමණක්ද නොව අයි.එස්. ඉස්ලාම් ත්‍රස්තවාදීන් යනු අමෙරිකාවේම නිර්මාණයක් බව වරෙක ප්‍රසිද්ධියේම පැවසුයේ ලොව අන් කවරෙකුවත් නොව වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ය.

මෙම ප්‍රහාරයක් සමඟ අමෙරිකානු තානාපතිනිය සහ තානාපති කාර්යාලය මෙම සිදුවීමට මුවා වී අමෙරිකානු බුද්ධි අංශ ඇතුළු තම නිලධාරීන් රටේ ස්ථානගත කිරීමට දැරූ උත්සහය කැපී පෙනුනි.

දිය යටින් ගින්දර ගෙන යන අමෙරිකාව

අමෙරිකාව එක් පසකින් අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂගේ එම පුරවැසිභාවය ඉවත් කරගැනීමට බාධා පමුණුවන අන්දමේ රඟපෑමක් සිදුකළද අමෙරිකාව සත්‍ය වශයෙන්ම මෙම මෙහෙයුම හරහා ගෝඨාභයගේ ප්‍රතිරූපය සහ දේශපාලන ක්‍රියාන්විතය ඉහළ නැංවීම වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් සිදුකරමින් සිටින බව දැන් පැහැදිලිය. අමෙරිකාවට අවශ්‍ය තම ආධිපත්‍යය සහ බල දේශපාලන මෙහෙයුමට අදාළ Asia-Africa Growth Corridor (AAGC) ව්‍යාපෘතිය ඉන් ප්‍රධානය. ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ Asia-Africa Growth Corridor (AAGC) වැඩ කොටස ඉ‍ටුකළ හැකි පාලකයෙකු ලංකාවේ පිහි‍ටුවීමය.

ඒ සඳහා ගෝඨාභය වැනි පාලකයෙකු ඇමෙරිකාවේ පළමු තේරීම වනු නො අනුමානය. මක්නිසාදයත් හොඳින් හෝ නරකින් ගෝඨාභයට යමක් කළ හැකි යයි ඔවුන් සිතන බැවිනි. එම නිසා ශ්‍රී ලංකාවේ පවතින තත්වය හුදකලා සිදුවීම් වල එකතුවක් නොව එක් සිදුවීමක් අනෙක හා බැඳුනු දෙස් විදෙස් න්‍යාය පත්‍රවල එකතුවක් බවත් ඒ පිටුපස අමෙරිකාව තම අභිප්‍රාය සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් සහගත ක්‍රියාන්විතයක් සිදුකරමින් සිටින බවත් පැහැදිලිය.

RSL

Related Posts