වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

Spread the love

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල  කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ  උල්ලංඝනය කරමින්  රක්ෂණ -ප්‍රතිරක්ෂණ සේවා ලබා ගනිමින් මෙම වංචාව සිදු කොට ඇති බවට ඔහු සාක්ෂි දුන්නේය.

මූල්‍ය චක්‍ර ලේඛ උලංඝනය කිරීම

“සුරක්ෂා” ව්‍යපෘතිය යටතේ පාසැල් ලමුන් ලක්ෂ 45 රක්ෂණය කොට ඇත. ඒ වෙනුවෙන් වැය කළ මුදල රු බිලියන 1.8කි. මේවා අකිල විරාජ් ගෙදරින් ගෙන ආ මුදල් නොවේ , කිරි පැකැට්‍ටුවේ සිට මිනී පෙට්ටියේ ඇණය දක්වා  ගෙවන බදු මුදල්ය. 2018 -19 මූල්‍ය වර්ෂය සදහා රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සුරක්ෂා ව්‍යාපෘතිය බාර දුන්නේ අලියාන්ස් ( Allianz ) විදේශීය සමාගමටය. ශ්‍රී ලකා රක්ෂණ සංස්ථාවේ ප්‍රකාෂකයෙකු කියා තිබුනේ මේසා විශාල ගනුදෙනුවකින් අවම වශයෙන් රු මිලියන 450  පමන කොමිස් මුදලක් හිමිවන බවය .

සුරක්ෂා මගඩියේ කෙස් කෙලින් කොටස

‘‘සුරක්ෂා’’ වෙනුවෙන් විදේශීය රක්ෂණ සමාගමට ගෙවූ මුදල රු බිලියන 1.8 කි එනම් මිලියන 1800කි. නමුත් මේ දක්වා රටේ පාසැල් සිසුන්ට ලැබී ඇති ප්‍රතිලාභවල වටිනාකම රුපියල් මිලියන 62 කි.එම ප්‍රතිලාභ ලබාගෙන තිබුනේද නැති බැරි උන් නොව ඇති හැකි පවුල්ය.කෙසේ වුවද ඉහත දැක්වූ ගනන් ඉලක්කම් වලින් විදේශීය සමාගම ලද ලාභය සිතා ගත හැක .සුරක්ෂා මගඩියේ කෙස් කෙලින් කොටස් එය නොවේ. ප්‍රතිශතාත්මකව ලමා වියේදී බරපතල ලෙඩ රෝග වැලදෙන සම්භාවිතාව අඩුය. පොඩි අසනීපයක් හැදුනු විට යන්නේ ගමේ දොස්තර වෙතය . ඒවාට ‘ක්ලේම්” කිරීමක් නැත. නමුත් රක්ෂිතයා පිලිබදව ඉතා අඩු අවධානමක් තිබෙන පසු බිමක අකිල විරාජ් සුරක්ෂා ව්‍යාපෘතිය මිලියන 1500 ගෙවා ඉන්දියන් සමාගමක ප්‍රතිරක්ෂණය කළේය. ඒ හරහා තවත්  මිලියන 500ක කොමිස් මුදලක් ලැබුනු බව ඇමතිවරයා පිලිගෙන තිබුනි. නිදහසට කාරනා ලෙස ඔහු කීවේ තමා එම මුදල් ලබා නොගත් බවත් ඉන් අරමුදලක් පිහි‍ටුවන බවය. නමුත් එම මිලියන 500 යට වූ දෙයක් හෝ පිහිටවූ අරමුදලක් නොමැත.

විජේදාස යලිත් ”සුරක්ෂා”  පිලිබදව ඝෝෂා කරන්නේ නිකම් නොවේ

”සුරක්ෂා ” ව්‍යාපෘතිය ආරම්භ කලේ 2017 වසරේදීය. 2017-18 මූල්‍ය වර්ශය සදහා රක්ෂණ කොන්ත්‍රාත්තුව  ලැබුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටය. එය රජයේ ආයතනයක් වූ හෙයින් මුදල්මය ගනුදෙනුවකට  වඩා රජයේ ගිණුම් සටහනක්  විය. නමුත් විදේශ සමාගමකට රක්ෂණය ලබා දුන් සැනින් සියලූ වාරිකයන් මුදලින් ගෙවිය යුතු විය.අලියාන්ස් ( Allianz )රක්ෂණ සමාගම 2018 දෙසෑම්බර් මස 5 දින ජනාධිපතිට ලිපියක් යවමින් පොළොන්නරුවේ වකුගඩු රෝගින් වෙනුවෙන් වියදම් කරන බවත්, ජනාධිපතිගේ ප්‍රචාරණ වියදම් දැරිමට සූදානම් බවත් දන්වා තිබුනි. අලියාන්ස්  ආයතනයේ අධ්‍යක්ෂක කෙනෙක් ලංකා බෑංකුවේ අධ්‍යක්ෂක කෙනෙකි, ඔහු සිරිසේනගේ හිතවතෙකි. එදා ”සුරක්ෂා” ව්‍යාපෘතියට එරෙහිව බොරු ඝෝසාවක් මැවු  විජේදාසය කොන්ත්‍රාත්තුව අලියාන්ස් වෙත ලැබුනු පසු තම කොටස ගෙන හීන් සීරුවේ මාරු විය. විජේදාස යලිත් ”සුරක්ෂා”  පිලිබදව ඝෝෂා කරන්නේ නිකම් විය නොහැක

ලග ලග එන මරා-සිරා ප්‍රහාරයක සලකුණු

සුරක්ෂා ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලබන්නේ අහිසක දරුවන් නොව දේශපාලකයන් සහ සමාගම බව දැන් පැහැදිලිය. එපමනක් නොව ආන්ඩුව මොකාගේ වුවද ”සුරක්ෂා”  මගඩිය හරහා ගාන කපා ගැනීමට අනාගත පාලකයන්ටද හැකිය. මේ රටේ දෙමාපියන් එදා මෙදාතුර ඉල්ලා සිටියේ හොද ගුරුවරු සහිත පාසැල් සහ ගුණාත්මක අධ්‍යාපනයක් මිස තමන්ගේම බදු මුදල් සමග කරන මෙවන් ගෝනි සෙල්ලම් නොවේ. සුරක්ෂා ව්‍යාපෘතියට නම් ගෑවුන ඔය කියන සියල්ලන් ගාන කපා ඇති බව පැහැදිලිය . නමුත් සිරිසේන විශේෂ  ජනාධිපති විමර්ෂණ කොමිෂන්  පිහි‍ටුවූයේ නිකම් නොවේ. තම අත සෝදාගෙන මැතිවරණ කාලය එලඹෙත්ම ප්‍රතිවාදියාට පහරදීමටය. සිරිසේන සැරසෙන්නේ එම සටනටය. ඔහු සටනට එන්නේ තනිව නොවේ , සිය සගයාවූ මහින්ද සමගිනි, මේවා හුදකලා සිදුවීම් නොව ලග එන මරා-සිරා ප්‍රහාරයක සලකුණුය. අවශ්‍ය ඕනෑම විටක දූෂණ  චෝදනා මත එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා අත් අඩංගුවට පත් විය හැක.

By – තුෂාරා වන්නිආරච්චි
උපුටනය: lankanewsapp.com

RSL

Related Posts