ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට!
- RSL
- November 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
මිට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තාවේ.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට චෝදනා එල්ල වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිඛිතව දැනුම්දුන්න ද සේවයේ අවශ්‍යතාවක් මත ඔහු රටින් බැහැරව සිටීම හේතුවෙන් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ නැත.
කෙසේවෙතත් මේ වන විට අවස්ථා දෙකකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්රට විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.
