හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් ‘ලෝක වාර්තාවක්‘

Spread the love

වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති

වැඩිම වාර ගණනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (2015-19) පත්ව සිටින බව බී.බී.සී සන්දේශය විසින් අද (10) දින පළ කරන ලද විශේෂ ලිපියක සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු තුන් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද ප්‍රතිපාදන අනුව ජනාධිපති සිරිසේනට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරා තිබීමය.

19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපතිවරයා විසින් ඉටුකරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්ම ගොනු කර තිබෙන අතර ඊට අදාළව නඩු තීන්දු කීපයක්ද නිකුත් වී තිබේ. එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය හඳුන්වාදීමෙන් පසුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිම වාර සංඛ්‍යාවක් වරදකරු කෙරුණු ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත්ව සිටියි.

මෙම සම්පූර්ණ වාර්තාව පසුව පළ කිරීමට පියවර ගෙන ඇත.

Related Posts