ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

Spread the love

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව පළමු එක්දින තරග 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ පිළිසකර කිරීම එම කාර්යය මණ්ඩලයට අසීරු කරුණක් වී ඇති බැවින් එම තරග 3 ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දෙරටේ කලමනාකාරීත්වය එකඟතාවයකට පැමිණ තිබේ.

ජුනි මස 15 වැනිදා, 18 සහ 21 යන තෙදින එක්දින තරග 3 පැවැත්වෙද්දී ජුනි 24, 26 සහ 28 යන දිනවල පන්දුවාර විස්සයි-20 තරග පැවැත්වෙනු ඇත.

දිනය තරගය ක්‍රීඩාංගණය
ජුනි 15 පළමු එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 18 දෙවැනි එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 21 තෙවැනි එක්දින තරගය හම්බන්තොටා මහින්ද රාජපක්ෂ
ජුනි 24 පළමු විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 26 දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 28 තෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ

Related Posts