රනිල්ගේ විශේෂ ප්‍රකාශය එන්න පෙර හර්ෂ ප්‍රතිචාර දක්වයි

Spread the love

රටක් බංකොලොත් භාවයෙන් ගොඩ ආ බව ප්‍රකාශ කළ යුත්තේ ශ්‍රේණිගත කිරීමේ ආයතන බව හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවසීය. 

“ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීමට නියමිත බව අපට ආරංචි වී තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදී ඇති බව පිළිගෙන ප්‍රකාශ කළ යුත්තේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසිනුයි. බංකොලොත් භාවයෙන් මිදීමට ශ්‍රී ලංකාව ත්‍රිත්ව ශ්‍රේණිගත කිරීමක් තිබිය යුතුයි.  අනික ශ්‍රී ලංකාව ISB දරන්නන් එක්ක ගිවිසුමකට එළඹිලා නැහැ. ඒ නිසා අපේ රට බංකොලොත් තත්ත්වයෙන් ගොඩ ඇවිත් කියලා කියන්නේ කොහොමද?” ඔහු ප්‍රශ්න කළේය.

Tags: