ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
- RSL
- April 30, 2024
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- president ranil wickremesinghe, supreme court in sri lanka
- 0 Comments
නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වමට දින නියම කෙරුණි.

