අනුර ජනාධිපති කරන්න අති මහත් බහුතරය තීන්දු කර අවසන්…
- Editor
- April 14, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
ඕනෑම මොහොතක තියෙන මැතිවරණයකින් මාලිමාව ජයග්රහණය කරවීමට රටේ අතිමහත් බහුතර ජනතාවක් මේ වන විට තීරණය කර අවසන් බව ජාතික ජන බලවේගය විවිධ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මනත්රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.
රට හැදීම සඳහා අනුර දිසානායක මහතාට ජනාධිපති ධුරය භාර දීමට ජනතාව සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.
එම මතය අද වන විට රටේ සියලුම අස්සක් මුල්ලක් නෑර පැතිරී ගොස් අවසන් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම කියා සිටියේ මාතර ප්රදේශයේ පැවති ධීවර සමුළුවක් අමතමිනි.

