ශ‍්‍රීලනිපයේ ජඩ කුමන්ත‍්‍රණයක්…

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම බවත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.

ඔහු එසේ පැවසුවේ, මාධ්‍ය හමුවකදීය.ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙසේ ද පැවැසීය.

මේ අර්බුදය මා දකින්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීමේ එසේත් නොමැති නම් පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමේ කුමන්ත්‍රණයක එක් රංග ජවනිකාවක් හැටියටයි. කුමන ආකාරයේ කුමන්ත්‍රණ කළත්, අපේ පක්ෂයේ ගම් මට්ටමේ බිම් මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ බහුතර සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නවා.

මේ සියලු අර්බුද මැද්දේ ඉදිරියේදී පොහොට්ටු විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් තැනීම සඳහා ජාතිකවාදී දේශප්‍රේමී සියලු බලවේග එකතු කරගැනීමට අප කැපවී සිටිනවා.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිශය කනගාටුදායක අවස්ථාවාදී ජඩ කුමන්ත්‍රණයක්. පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්වරම පැමිණ පක්ෂය ගොඩනැගීමට හැකි බව පැවැසීම පුදුම සහගතයි’

– ෂේන් සෙනවිරත්න

Related Posts