ඛනිජ තෙල් නිෂ්පාදන පනත හරහා ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වෙනවා
- Editor
- October 19, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්රයට ප්රවේශවීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබෙනවා.

