ඛනිජ තෙල් සේවකයින් අද අසනීප නිවාඩු
- Editor
- October 18, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට එරෙහිව අද (18) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා.
ඒ අනුව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කළේ, මෙම පනත ක්‍රියාත්මක කළ හොත් ඉන්ධන අවශ්‍යතාව මත සමාගම්වලට යටවීමට සිදුවන බවයි.
අද දිනයේ ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි විය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටිය හැකි බවත් එහි වගකීම බලශක්ති අමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවයි වෘත්තීය සමිති පවසන්නේ.

