ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට සූදානම් නැහැ

Spread the love

පෙට්‍රල් මිල අඩු කළද ත්‍රීරෝද රථ ගාස්තු යළි අඩු කිරීමට සූදානම් නොමැති බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.

ඒ අනුව වෘත්තීය ත්‍රීරෝද රථ සංගම් නායකත්ව සත්‍ය වූ හඬ සංවිධානයේ කැඳවුම්කරු වන රෝහණ පෙරේරා සඳහන් කළේ, පාරිභෝගිකයින්ට අදාළ සහනය ලබාදීමට අදහස් කළද අමාත්‍යවරයා විසින් තවමත් ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩිකර නොමැති බවයි.

එසේම අමතර කොටස් මිල හා ටයර් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන කෝටාව වැඩි කරන තුරු ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts