LPL තරඟ කාලසටහන නිවේදනය කෙරේ
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලිය ක්‍රීඩාංගන තුනක පැවැත්වෙන අතර ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරඟ පැවැත්වීමට නියමිතයි.
මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

