ලක්ෂයකට වැඩිය තියෙන කෙනෙක් අහිංසක වෙන්නේ කොහොමද

Spread the love

වියදම අධික වීම හේතුවෙන් පහළ මධ්‍යම පන්තියේ ජනතාවගෙන් වැඩි පිරිසකට පෞද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට ඉදිරියේදී නොහැකි වීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් වෙත එනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

පසුගිය සතියේ පුද්ගලයින් 25 දෙනෙකුට වඩා පෞද්ගලික රෝහල්වල ගාස්තු දරාගැනීමට නොහැකි බව තමාට ප්‍රකාශ කළ බවද, එබැවින් රටේ ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පැවති බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පළමු වර්ශයේදී රුපියල් බිලියන 700 ක් පමණ රජයට අහිමි වූ බවද, දැන් එම බදු ප්‍රතිපත්තිය නිවැරදි කිරීමට උත්සහා කිරීමේදී ජනතාව එය ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා පවසනවා.

මෙහිදී මාධ්‍යවේදියෙක් මෙලෙස බදු අය කරන්නේ අහිංසක ජනතාවගෙන් බව පැවසූ විට එයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලක්ෂයට වැඩියෙන් උපයන පුද්ගලයෙක් අහිංසක වන්නේ කෙසේද යන්නයි.

එසේම සෘජු බදුවලින් පොදු ජනතාවට බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

Related Posts