ශ්රී ලංකාව සහභාගී වන පළමු T20 පුහුණු තරඟය අද
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 5 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 57 ක් ලබා සිටිනවා.
පැතුම් නිස්සංක ලකුණු 21 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 34 ක් ලබා මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.

