ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වේ. එහිදී ඇය අඟහරුවාදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට මෙන්ම ජී-20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපති රැස්වීම්වලට සහභාගී වනු ඇත.

මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය පිළිබඳ නිවේදනය කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ජපානය, දකුණු කොරියාව, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව, භූතානය, නවසීලන්තය, ඊජිප්තුව, ජර්මනිය, මොරිෂස්, නෙදර්ලන්තය.,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය ඇතුළු රටවල් ගණනාවක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වන බවයි.

මීට අමතරව, ඇය ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, යුරෝපීය කොමිසම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සභාපතිවරුන් සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වනු ඇත.

මීට අමතරව මුදල් අමාත්‍යවරිය එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී පොදු අවශ්‍යතා පිළිබඳ ගැටළු විසඳීම පිළිබඳ සිය අවධානය යොමු කරනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට ඉන්දීය මුදල් අමාත්‍යවරිය වොෂින්ටන් ඩීසී හි බෲකින්ස් ආයතනය වෙත සංචාරය කරණු ඇත.එහිදී ඇය “ඉන්දියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ලෝක ආර්ථිකයේ භූමිකාව” පිළිබඳව දේශනයක් පැවැත්වීමට නියමිත ය.

“තාක්‍ෂණය, මූල්‍ය සහ පාලනය” ඉන්දියාවට ඇති කරන ගුණාකාර බලපෑම ගැන ඇය විසින් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උසස් ජාත්‍යන්තර අධ්‍යයන පාසලේදී දේශනයක් සිදු කරණු ඇත.

තවද ඇය “ඉන්දියා-එක්සත් ජනපද කොරිඩෝවේ ආයෝජන සහ නවෝත්පාදන ශක්තිමත් කිරීම” සහ “ඉන්දියාවේ ඩිජිටල් විප්ලවය සඳහා ආයෝජනය කිරීම” යන මාතෘකා යටතේ එක්සත් ජනපද-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලය සහ එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්ව සංසදය සමඟ ද වටමේස සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.

මෙම රැස්වීම් වලට ඉහළ ආයතනික විධායකයින් සහ ආයෝජකයින් ඇතුළත් වන අතර ඉන්දියාවේ ආයෝජන කරන ලෙස ආරාධනය ඉස්මතු කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බව ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ නිල ප්‍රකාශය පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්