කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
- RSL
- August 3, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමඟ පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් ත්රිරෝද රථයක තිබී අතුරුදන් වූ ජීව කඳුළු ගෑස් උණ්ඩවලින් දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (02) උදෑසන කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අරුණෝදය මාවත, ඔබේසේකරපුර ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ. අදාළ සැකකරු අද (03) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

