චීන කාබනික පොහොර සමාගමෙන් යළිත් බරපතළ තර්ජනයක්
- Editor
- December 24, 2021
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
තම සමාගම විසින් නැව්ගත කළ කාබනික පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බවට ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවලට එරෙහිව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරන බව සීවින් බයෝටෙක් සමාගමේ ප්‍රකාශිකාව පැවසුවාය.
තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000 තුළ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ නවතම පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වූ බව ද ඇය පැවසුවාය.
‘‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට එරෙහිව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස්, මූඩීස් සහ ෆිච් ශ්‍රේණිගත කිරීම වෙත පැමිණිලි කිරීමට අප සමාගය සූදානම් වෙිමින් සිටිනවා. අදාළ අවදානම් පිළිබඳව අනෙකුත් ජාත්‍යන්තර ආයෝජකයින්ට මතක් කිරීම සඳහා අපි මෙම ආයතන තුන සමඟ නඩුවේ අදාළ සාක්ෂි බෙදා ගන්නවා,” ඇය වැඩි දුරටත් පැවසුවාය

