උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් යයි
- Editor
- July 19, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.
මීට පෙර, අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද තවත් ගැටළුවක් පැන නැගී ඇත. සෞන්දර්ය විෂයන් හැදෑරූ සිසුන් සඳහා ප්‍රායෝගික විභාගය පැවැත්වීම පිළිබඳ ගැටළුවක් පවතී. එබැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙමින් පවතී.
“සෞන්දර්යය විෂයයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය නොහැකි නම්, පාසල පදනම් කරගෙන ලකුණු ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල නිකුත් කළ හැකිද යන ප්‍රශ්නයට අප මුහුණ දී සිටිමු‘‘ යැයි අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික විභාගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත.

