හයිටි ජනපති ඝාතනය කළ ‘හේවායන් කොටු‘
- Editor
- July 9, 2021
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
විශ්‍රාමික කොලොම්බියානු සොල්දාදුවන් ඇතුළු විදේශීය කුලී හේවායන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයිටියේ ජනාධිපති ජොවැනෙල් මෝස්ව Jovenel Moïse earlier ඝාතනය කළ බවත් ඔවුන්ගෙන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවත් හයිටි පොලිසිය පවසයි.
ඊයේ (08) ජනපති ඝාතනයේ සැකකරුවන් සොයා පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් ඝාතනය කර ඇති අතර අට දෙනකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුවෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (08) මාධ්‍යය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
හයිටි ජනපතිවරයා ඝාතනය කළ ප්‍රහාරය සංවිධානය කළේ කවුරුන්ද සහ කුමන චේතනාවෙන්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි පොලිසිය සදහන් කළේ.
පසුගිය බදාදා අලුයම පෝර්ට් ඕ ප්‍රින්ස් හි පිහිටි ජනාධිපතිගේ නිවසට තුවක්කුකරුවන් කඩා වැදී ඔහුට වෙඩි තබා ඝාතනය කර බිරිඳට තුවාල සිදු කර තිබෙනවා. 53 හැවිරිදි මෝස් මහතා වෙඩි උණ්ඩ 12ක් සහ ඇසේ තුවාල සහිතව වැතිර සිටි බව බලධාරීහු පවසනවා.
47 හැවිරිදි ජනපති බිරිය මාටින් මෝස් බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ෆ්ලොරිඩාවට ගෙන ගොස් තිබෙනවා.
ආයුධ සහ විදේශ ගමන් බලපත්‍ර අත්අඩංගුවට
මෙම පහරදීමේ කණ්ඩායමට ප්‍රධාන වශයෙන් කොලොම්බියානුවන් සහ හයිටි-ඇමරිකානුවන් දෙදෙනෙකු ඇතුළත් බව පොලිසිය පවසනවා. සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවි, එක්සත් ජනපද ඩොලර්, ජනපතිවරයාගේ පුද්ගලික චෙක් පොත සොයා ගත් බව Le Nouvelliste පුවත්පත වාර්තා කරනවා.
තායිවාන තානාපති කාර්යාලය සනාථ කළේ තම පරිශ්‍රයට ඇතුළු වූ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කෝපාවිෂ්ඨ හයිටි සිවිල් වැසියන් තුවක්කුකරුවන් සෙවීමට එක්වී ඇති අතර, පඳුරු වල සැඟවී සිටි සමහරුන් සොයා ගැනීමට පොලිසියට උදව් කර තිබෙනවා.. පිරිස සැකකරුවන්ගේ මෝටර් රථ තුනකට ගිනි තබා සාක්ෂි විනාශ කර තිබෙනවා.
“අපි උදව් කිරීමට සූදානම්, මේ පිටුපස සිටින්නේ කවුරුන්ද, ඔවුන්ගේ නම්, ඔවුන්ගේ පසුබිම දැන ගැනීමට අපට අවශ්‍යයි‘‘ හයිටි පුරවැසියන් කියනවා.

පොලිස් ප්‍රධානී ලියොන් චාල්ස් කියා සිටියේ මහජනයා නීතිය අතට නොගත යුතු බවයි.
ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පොලිසිය කොලොම්බියානු විදේශ ගමන් බලපත්‍ර වාර්තාකරුවන්ට පෙන්වා තිබෙනවා.
“ජනාධිපති ඝාතනය කිරීම සඳහා විදේශිකයන් අපේ රටට පැමිණියා” යැයි පොලිස් ප්රධනියා පැවසුවා.
කොලොම්බියානු රජය තහවුරු කර ඇත්තේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් හය දෙනෙකු වත් එහි හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් බවයි. හයිටියේ විමර්ශන කටයුතු සඳහා සහාය වීමට එරට ප්‍රතිඥා දී තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ තම පුරවැසියන් කිසිවෙකු රඳවාගෙන ඇත්ද යන්න තහවුරු කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද හා කැනේඩියානු මාධ්‍ය වාර්තා කරන්නේ අත්අඩංගුවට ගත් ද්විත්ව පුරවැසියන්ගෙන් එක් අයෙකු වන 35 හැවිරිදි ජේම්ස් සොලගේස් ෆ්ලොරිඩාවේ සිට හයිටියේ කැනේඩියානු තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂකයා ලෙස කටයුතු කළ බවයි.
විමර්ශන විනිසුරුවරයෙක් ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ එක්සත් ජනපද පුරවැසියන් කුලී හේවායන් බවයි.
“මෙහෙයුම වූයේ ජනාධිපති ජොවනෙල් මෝස් අත්අඩංගුවට ගැනීමයි … ඔහුව මරා දැමීම නොවේ” යැයි විනිසුරු ක්ලෙමන්ට් පවසා තිබෙනවා.

කොලොම්බියානු දිනපතා එල් ටයිම්පෝ පැවසුවේ කොලොම්බියානු සැකකරුවන් නම් කරන රහස්‍ය ලියකියවිලි තමන් දුටු බවයි. පුවත්පතේ පර්යේෂණයන්ට අනුව ඔවුන්ගෙන් හතර දෙනෙක් ජුනි 4 වන දින කොලොම්බියාවේ සිට ඩොමිනිකන් ජනරජයට ගුවන් මගින් ගමන්කර තිබෙනවා.
මෙම ඝාතනය ඇමරිකාවේ දුප්පත්ම රාජ්‍ය වන හයිටියේ යම් සිවිල් නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. ඩොමිනිකන් ජනරජය සිය දේශ සීමාව වසා දමා ඇති අතර හදිසි තත්වයක් රට පුරා ක්‍රියාත්මක වෙනවා.
රට භාරව සිටින්නේ කවුද?
ජනපති ඝාතනය අවම වශයෙන් මැතිවරණයක් පවත්වන තුරු හයිටියට නායකත්වය දිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති අවුල් වී ඇත්තේ දැනට ජාතික සභාවක් නොමැති වීම නිසයි. (ආරවුල් යන්නෙන් අදහස් වන්නේ 2019 ඔක්තෝබර් මාසයේ මැතිවරණයක් සිදු නොවීමයි) එබැවින් හයිටියට වෙනත් ජනාධිපතිවරයෙකු තෝරා ගත නොහැකිව තිබෙනවා.

සියලු දෙනා විසින් පිළිගනු නොලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් පෙනී යන්නේ අගමැති දැන් නායකත්වය දිය යුතු නමුත් ජෝසප් මහතාගේ නීත්‍යානුකූලභාවය විවාදාත්මක බවයි.
තවත් දේශපාලනඥයෙකු වන ඒරියල් හෙන්රි ඝාතනයට ටික කලකට පෙර නව අගමැතිවරයා ලෙස නම් කර තිබුණද තවමත් දිවුරුම් දී නැති නමුත් එක්සත් ජාතීන් පවසන්නේ ජෝසප් මහතා මේ වසර අගදී මැතිවරණයක් පවත්වන තුරු එහි රැඳී සිටිය යුතු බවයි.
තමා ජනාධිපති ධුරය වෙනුවෙන් පෙනී නොසිටින බව ඔහු පවසා තිබෙනවා “මම මෙහි වැඩි කාලයක් රැඳී නොසිටිමි. අප මැතිවරණ පැවැත්විය යුතුයි. මට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ” යනුවෙන් ඔහු බීබීසීයට පැවසුවා.
හයිටි දිගු කලක් තිස්සේ දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවයෙන් පීඩා විඳි අතර වඩාත් මෑතකදී සිවිල් ගැටුම් තව දුරටත් වර්ධනය වුණා.
.
බී.බී.සී. වාර්තාවකි – සැකසුම තීක්ෂණ වෙළෙන්එගොඩ

