දැරිය දූෂණය කළ ‘නේවි දොස්තර‘ ඇතුළු 04කට ඇප

Spread the love

අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ බව කියන 15 වියැති බාල වයස්කාර දැරියක දූෂණය කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (9) ඇප ලබා දුන්නාය.

එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9.00 – 12.00 අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් බවට පොලිසිය දැක්වූ කරුණු සම්බන්ධයෙන් හා හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අදාළ දැරිය විසින් සැකකරුවන් හඳුනා ගැනීමත් යන කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙසේ ඇප නියම කළාය.

Tags: