හදිසි නීතියඉවත් කළේ සත් භාවයෙන් නෙමෙයි – ජෙනරාල් සරත් ෆොන්සේකා
- RSL
- August 27, 2011
- Uncategorized
- ජෙනරාල් සරත් ෆොන්සේකා
- 0 Comments
රජය හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තරයෙන් ආ දැවැන්ත පීඩනය හමුවේ මිස සත්භාවයකින් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.
උරහිසේ ඇති වු ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (26 අගෝ.) භෞත චිකිත්සකප්රතිකාර ගැනීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අතර සරත් ෆොන්සේකා මහතා මෙම අදහස්පළ කළේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ හදිසි නීතිය යොදා ගත්තේ විරුද්ධවාදින්ගෙන් පළිගැනීමට බවයි.
“පහුගිය අවුරුදු දෙකටම හදිසි නීතියෙන් නඩු දැම්මේ මට විතරයි. හදිසි නීතියඉවත් කළේ, සත් භාවයෙන් නෙමෙයි, විදේශවලින් ආපු පීඩනය දරාගන්න බැරුව හදිසිනීතිය ඉවත් කළා” යැයි ඔහු එහිදී පැවසීය.