දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් එපා – මහින්දාන්නද
- Editor
- April 27, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය.
ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් අදාළ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද ඉල්ලීමක් කළේය.

