ඉතිහාසය විසින් වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට තම රජයට හැකිවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා එම කරුණු අවධාරණය කරනු ලැබුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට තරග වදින සියලු අපේක්ෂකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවු අවස්ථාවේදීය.
මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ කොළඹ නගරය ආශ්චර්යමත් කිරිමේදී එහි පැල්පත්වාසීන් නගරයෙන් ඉවත් කිරීමට රජය ක්‍රියාකරන බවට ඇතැමුන් ප්‍රචාරය කරන බවයි. එහෙත් කිසිදු ලෙසකින් කොළඹ පැල්පත්වාසීන් ඉවත් නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. ඔවුන් සඳහා වඩා පහසුකම් සහිත නිවාස ඉදිකර දෙන බව පැවසු ජනාධිපතිතුමා සඳහන් කළේ, පදික වේදිකාවල වෙළෙඳාමේ නිරතවන පුද්ගලයින්ට රැකියාව කරගෙන යාමට පහසුවන පරිදි රජය පියවර ගෙන ඇති බවයි.