අවනීතියට සහ දේශපාලන දඩයමට එරෙහිව සත්‍ය ක්‍රියාවක්..
- RSL
- December 24, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- UNP
- 0 Comments
රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් ඊයේ (23) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
මේ සඳහා මහා සංඝරත්නය ආශිවාර්ද කිරීමට එක්වූ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයත්වය දැරූ සජිත් ප්‍රේමදාස, එජාප උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ දේශපාලනඥයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් මීට සහභාගි වූහ.
මර්දනය පිටුදැකීමට, අවනීතිය පිටුදැකීමට සියලු දෙනා එකතුවිය යුතු බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩනොදෙන බවත්, සියලුදෙනා එක්ව සිටියහොත් පහුසවෙන් මර්දනය වැළැක්විය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම පාඨලී චම්පික රණවක මහතාගේ නිදහස වෙනුවෙන් නීත්‍යනුකූලව සිදුකළ හැකි සියලු දේ සිදුකිරීමට තම පෙරමුණ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මෙම සත්‍යක්‍රියාව සඳහා එක්වූ සියලු දෙනා පන්දම් දල්වමින් නිහඬ සත්‍යග්‍රහයක නිරත වූහ.

ජායාරූප අනුග්‍රහය: අද

