රාජිතට විදෙස් ගමන් තහනම්..!

Spread the love

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.

රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද වාර්තාව මගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය වී තිබෙන මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ  ඔහුගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි.

මෙම වාතාවරණය මත සේනාරත්න මහතා විදේශ ගත වූ ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඒ මහතා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කර ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.