චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ දක්වා වියදම් කොට මුදල් ප්‍රමාණය මිලියන 110 කි . මෙකී නාඩගමට චම්පික වියදම් කරන්නේ ගෙදරින් ගෙන එන මුදල් නොවේ, කිරි පැකැට්ටුවේ සිට මිනීපෙට්ටිය දක්වා ජනයා ගෙවන බදු මුදල්ය.
චම්පිකගේ ” මෙගා මයින්ඩ්” කූට ව්‍යාපෘතියකි . පලමුව යම් නගරයක් අනාගතයට ඔබින අයුරින් සැලසුම් කරන්නේ යයි ප්‍රචාරයක් ගෙනයයි. ඉන් අනතුරුව අදාල ප්‍රදේශයේ විද්වතුන්ට, රජයේ නිලධාරීන්ට සාකච්ඡාවකට පැමිනෙන ලෙස දන්වා යවයි . ඒ සදහා ප්‍රදේශයේ ඇති හොදම හෝටලයක් වෙන් කරන අතර එය ” මෙගා මයින්ඩ්” වේදිකාව ලෙස සරසනු ලබයි. එකී සංදර්ශනයට අතිවිශාල ප්‍රචාරයක් ලබා දෙන අතර චම්පික එහි මුලසුන හොබවනු ලබයි. මහා නගර සංවර්ධනය කරන මුවාවෙන් පවත්වන මෙකී සංදර්ශනය චම්පික විසින් දිවයිනේ ප්‍රධාන නගර ගනනාවක පවත්වා ඇත. ඒවායේ ඇත්තේ කථා පමනි. සිදුවන වැඩක් නැත.
මහා නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට යයි කියා පැවැත්වූ ” මෙගා මයින්ඩ්” නාඩගමට වියදම් කල මුදල මිලියන 16 කි. අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසොර්ට් හෝටලයේ බිල ලක්ෂ 42කි. මහනුවර නැටූ නාඩගමද මීට දෙවැනි නැත. චම්පික පසුගියදා මහජන මුදල් වැයකොට සජිත් වෙනුවෙන්ද ” මෙගා මයින්ඩ” නාඩගමක් සංවිධානය කළේය. චම්පිකගේ බහට රැවටුනු සජිත් හිස් ඩිජිටල් පුවරුවක් පෙන්වමින් තමන් ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් රටේ දෛනික ප්‍රශ්ණ කඩිනමින් විසදන බව ප්‍රකාශ කළේය. එම පුවරුව උපයෝගී කරගනිමින් ප්‍රශ්න විසදන අයුරු පෙන්වීම්ට ගිය සජිත්ට රෙද්දේ රෙවී නොගියේ අනූ නමයෙනි. හිස් ඩිජිටල් පුවරුවක් ඉදිරියේ සජිත් කල රග පෑම රටේ ජනයාගේ බුද්ධියට කළ නිගාවකි.
දැන් චම්පික අතෙකින් අගමැති සිහිනය දකින්නේය . සිහිනය එතනින් අවසන් නැත. සජිත්ගේ කරපිටින් පැමින එ.ජා.පයේ අනාගත නායකයා වීම දක්වා ඔහුගේ සිහිනය දිගය. ඒ වෙනුවෙන් මහජන මුදල් රිසිසේ යොදවන්නේය . චම්පික, සජිත් සහ ජනයා දිනා ගැනීමට යන්නේ සුපුරුදු ප්රෝඩාවෙනි. ‘Artificial Intelligence වැනි සංකිර්ණ විෂයක් මැතිවරණ වේදිකාවේ මාකට් කරන්නේ එහෙයිනි. නැනෝ තාක්ෂණය , කෘතීම බුද්ධිය , පරමාණුය ශක්තිය ගැන චම්පික කථා පැවැත්වුවද චම්පික කල වැඩක් නොමැත. සැබැවින්ම චම්පික යනු මෙගා බයිලා කාරයෙකි. යම් හෙයකින් මෙගා බයිලා චම්පිකගේ ”මෙගා මයින්ඩ”ප්‍රෝඩාව ගැන සජිත්ගේ පුන්චි මොලයට අවබෝධ වුව හොත් හෙට දිනයේ ප්‍රසිද්ධියේ සමාව ගනු නියතය.
-Lankanewsapp-