අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට
- RSL
- September 25, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Flood
- 0 Comments
අධික වර්ෂාවත් සමග හට ගත් ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 80000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වර්ෂාධික කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වී ඇති බව ය. වැඩිම පිරිසක් පීඩාවට පත් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය.
එම සංඛ්‍යාව 43000කට අධික බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
මේ අතර ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 14899 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 42ක රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු හා ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ය.
අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළා ය. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5කට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් අද පස්වරුව දක්වා ක්‍රියාත්මක ය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ය.
මාතර අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, වැලිගම ප්‍රදේශවලට තවමත් වර්ෂාව පවතින බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
මේ අතර ගාල්ල බද්දේගම මාර්ගයේ හෝළුවාගොඩ ප්‍රදේශය, ඉමදූව – යක්කලමුල්ල මාර්ගය වෙලෙන්ගහ ප්‍රදේශයෙන් තවමත් යටව තිබේ.
ගාල්ල බද්දේගම ජල මාපකයේ ජල මට්ටම ඊයේ රාත්‍රියට වඩා අද උදෑසන ඉහළ ගොස් තිබේ.

