විනය කඩ කළ මන්ත්‍රීවරු පස්දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කරමින් ශ්‍රීලනිපය එජාපයටත් ආදර්ශයක් දෙයි
- RSL
- September 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මහ ලේකම්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය දා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ අතර තවත් තිදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය පළ කළේය.
විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ අතර පොදුජන පෙරමුනට සහාය දැක්වූයේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන තිදෙනායි.
ඔවුන් පස් දෙනාට දින 7 ක් ඇතුළත කරුණු දක්වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලය ලබාදුන්නේය.

