අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අයත් ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තාකර තිබුණි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යධුරය දරණ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා විසින් සිය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇත.
මීට පෙර සජිත් ප්‍රේමදාසගේ පියා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු සජිත් ඇතුළු ප්‍රේමදාස පවුලේ අයවලුන් ජනාධිපති මන්දිරයෙන් ගිය පසු එහි තිබූ මිල කළ නොහැකි ආලේකන චිත්‍ර, මිල කළ නොහැකි විශාල මැණිකක් සහ මිල කළ නොහැකි පෞරාණික වස්තු රාශියක් අතුරුදහන්ව තිබූ අතර ඒවායින් සමහර දෑ විදේශීය වෙන්දේසි වලින් සොයා ගත බව දේශීය සහ විදේශීය පුවත් සේවා සහ මාධ්‍ය පවා වාර්තා කොට තිබිණ.
එසේම මීට අමතරව සජිත් ප්‍රේමදාස යටතේම වන තවත් ආයතනයක් වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් 4500ක් ආයතනික රෙගුලාසිවලට එරෙහිව කොන්ත්‍රාත් පදනම මත අයථා ලෙස බඳවාගෙන ඇති බවට එම අධිකාරියේ ප්‍රගතිශිලි සේවක සංගමය මීට මාස 6කට පමණ පෙර ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි කර තිබු අතර එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මානව සම්පත් කළමනාකරු ලලිත් එදිරිසිංහ මහතායි.
තවද නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිත කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පසුගිය 22 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කර තිබිණ.