ගෝඨාගේ සුපුරුදු මීනිමරු මොඩලය යළි කරළියට! ගෝඨාගේ තරුණ සමුළුව මාධ්‍යයට තහනම් කරයි (මිනීමෝරා යළි එන්න කලින්-වීඩියෝ)

Spread the love

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්‍රකට රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොතිබීම තුළින්ම සුපුරුදු මීනීමෝර මිනීමරුවා වන ගෝඨා යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව ඊයේ(24) නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර පෙන්වීය.

ගෝඨාභය නිරන්තරයෙන් පෙලෙන, දිනපතා ප්‍රතිකාර ලබන මානසික ආතතිය, ඇඳුම, ලේ පිපාසිත බව, නුරුස්නා ගතිය සමඟ එන ක්ෂනික කෝපය (මෙය මාධ්‍යවේදියෙකු සමඟ විනාඩි 03ක සංවාද කාලයකදී මාධ්‍යවේදියා විසින් ඔහුට අපහසු ප්‍රශ්නයක් ඇසූ සැනින් ප්‍රතිථල ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අත්විදිය හැකි අතර ඊට පෙර තමා විසින් තම ජීවිත ආරක්ෂාව තහවුරු කරගෙන සිටිය යුතුය ), අධික රුධිර පීඩනය ආදී රෝග රැසකින් පෙළෙන අතර මේ තත්වය හේතුවෙන් ඉස්මතු වන ගෝඨාභයගේ දුර්වලතා සහ මුහුණේ ඉස්මතු වන (Facial Expression) මීනිමරු ස්වභාවය හේතුවෙන් ගෝඨාභයගේ වැඩසටහන් දෙරණ, හිරු (රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය ආයතන දෙක)හැර අනෙකුත් මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට ආවරණය තහනම් කරමින් ඇත.

මින් පෙරද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කිසිඳු අවස්ථාවකදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොදුන් අතර සම්මුඛ සාකච්ඡා සඳහාද ඊට පෙර ප්‍රශ්න යොමුකොට අවසර ලබාගත යුතුව තිබිණ. බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ගෝඨාගේ එම ක්‍රමවේදය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අතර එම අවසරයෙන් ගෝඨාභයගේ එම භයානක රෝගී තත්වයේ විවිධ අවස්ථා ඉස්මතුව පෙනෙන්ට ගත්තේය. මේ පහත දැක්වෙන්නේ ගෝඨාභය බීබීසී මාධ්‍යවේදියෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් සිටින අතරතුර ගෝඨාගේ රෝගී තත්වයන් උත්සන්නව පැමිණි අවස්ථාවයි. මෙම මාධ්‍යවේදියා විදෙස් මාධ්‍යවේදියෙකු වූ නිසාවෙන්ම දිවි ගලවාගෙන මෙරටින් නික්ම ගිය අතර ගෝඨාභය අසලටවත් නොගොස් ගෝඨා ගැන ලියූ කියූ බොහෝ දෙනෙකුට මහමඟ මරණයත්, සුදුවෑන්වලට ගිය අවසන් ගමන් මහ මුහුදේ මිනීමෝරන්ගේ බඩ බොකු තුලත් අවසන් කිරීමට සිදුවිය.

RSL

Related Posts