මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කෙරේ
- RSL
- August 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව මුස්ලිම් පුද්ගලයකුගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත් වනු ඇත.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ජනතාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැුකීමේ කි‍්‍රයාකාරීන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අදාළ විධි විධාන ආදී මෙම පනතෙහි කරුණු සංශෝධනය කිරීමට නියමිතය.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ඒ. එම්. හලීම් හා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මිය ඒකාබද්ධව මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

