මේ කවුද..? ‌මොනවද කරන්නෙ..?

Spread the love

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව තමන්ම කියමින් රටපුරා රැස්වීම් පවත්වමින් යනු පෙනෙන්නට තිබෙයි. එක්සත් ජාතික පක්ෂය විසින් තම ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නටත් පෙර සජිත් ප්‍රේමදාස විසින් මේ සිදුකරනුයේ හැබෑවටම ජනාධිපති අපේක්ෂකයා වීමේ සටනක් නොවන බව ඔහු සමග කටයුතු කළ අත්දැකීම් ඇති ඕනෑම අයෙකු දනියි. සජිත් ප්‍රේමදාස මේ විදියටම තප්පුලෑ පලමු අවස්තාව මෙය නොවෙයි. 2010 වසරේදිත්, 2014 වසරේදිත් සජිත් හැසිරෙුනේ මේ ආකාරයටම ය.

සජිත් වෙනුවෙන් බෙල්ල දෙන්න ගොස් සිරිසඟබෝ වූවෝ..

මෙවර සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බව කියන පෙරමුණේ රාලලා කිහිප දෙනෙකු වෙති. හරීන් ප්‍රනාන්දු, අජිත් පෙරේරා, මංගල සමරවීර, සුජිව සේනසිංහ මේ අතර වෙති. මේ අය අතරින් සුජිව සේනසිංහ මීට ටික කලකට පෙරසිට කෙලෙහිගුණයක් නැති පාහරයකු ලෙස සජිත්ගේ පලු ඇරි අයෙකු බව සුජිව ගැන දන්නෝ දනිති. රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, රෝසි සේනානායක, බුද්ධික පතිරණ, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, දුනේෂ් ගන්කන්ද වැනි ඔහුට නායකත්වය ලබාදිමට මීට පෙර ඇපකැප වු , ආදින් ගැනද සජිත් පහුගිය කාලවකවානුව තුළ සොයා නොබැලු බව සත්‍යයකි.

හරීන් ප්‍රනාන්දුලා, අජිත් පෙරේරා ලා සජිත් වෙනුවෙන් බෙල්ල දෙන්නට පෙර මීට පෙර සජිත් වෙනුවෙන් බෙල්ල දෙන්න ගොස් සිරිසඟබෝ වු අය ගැන සොයා බැලිය යුතුය. ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුනරත්න ආදින්ට මෛත්‍රීපාල සිරිසේන ලඟට යන්න වුනේ සජිත් ප්‍රේමදාස ඔවුන් බලා නොගත් නිසාය. සජිත් ප්‍රේමදාස නායකත්වයට ගේන්නට ගොස් පලාත් සභා අපේක්ෂකත්වය පවා ඔවුන්ට අහිමි විය. ශිරාල්ට මෛත්‍රී ට ට එජාපය කීවේ සමාව ගන්න කියාය. ඒත් සජිත් වෙනුවෙන් පෙනී සිටි ඔවුන් සමාව ගන්න ගියේ නැත. ඔවුන්ට ඒ නිසාම එජාපයෙන් පලාත් සභා අහිමි විය. එතැන් පටන් සජිත් මේ අය ගැන සොයා බැලුවේම නැත. සජිත් ප්‍රේමදාස අමාත්‍යාංශ ගණනක් හෙබවුවද ඒ යටතේ ඇති කිසිදු ආයතනයක සභාපතිකමක්වත් සජිත් ඔවුන්ට දුන්නේ නැත. අවසානයේ ශිරාල් සහ මෛත්‍රී ජනාධිපති මෛත්‍රීගේ ගුද ‌ශෝධක සට්ටැඹි රාළලා වූහ .

අප්පා කළ ‌දේම පුතා ලවා කරවා ගන්නද?

සජිත් ප්‍රේමදාස රටේ නායකයා කළ යුතුයැයි ද එජාපයේ නායකයා කළ යුතු යැයිද සිතන හරීන්ලා අජිත් ලා මංගල ලා ඇතුළු සියල්ලෝම සජිත්ගේ හම්බන්තොට කෙරුවාව සොයා බැලිය යුතුය. සජිත් හම්බන්තොටට යනවිට හම්බන්තොට එජාපයේ දේශපාලනය ක‌ෙළේ දොස්තර පී එම් බී සිරිල්, දොස්තර අතපත්තු, නීතීඥ සිරි අන්ද්‍රාහැන්දි වැනි උගත් දේශපාලඥයන්ය. අද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු, පළාත් සභා තබා මහ නගර සභා හෝ ප්‍රාදේශිය සභාභාවකවත් එජාපයෙන් උගත් අයෙකුට නාම යෝජනා දෙන්නට මේ අනාගත ජනාධිපති අපේක්ෂක ඉඩ තබන්නේ නැත. ඔහුට පෙර හම්බන්තොට එජාපයෙන් දේශපාලනය කළ අයගෙන් යාන්තම් තවමත් ඉතිරිව සිටින්නේ තෙන්නකෝන් නිලමේ හිටපු දකුණු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා පමණි. ඔහු පරාජය කරන්නට ද සජිත් 2014 විශාල උත්සාහයක් ගත්තත් එය වියැකී ගියේ ය. සජිත්ගේ අප්පා ජනාධිපති සමයේ දී ක‌ෙළේ ද මේ ටිකය. රංජන් විජේරත්න, ලලිත් ඇතුලත් මුදලි, ගාමිනි දිසානායක, ඇතුළු එජාපයේ උගත් පිරිස් පන්නා ගත්තේය. ලඟට ගත්තේ සිරිසේන කුරේ, විජයපාල මෙන්ඩිස්, ‌සොත්ති ‌උපාලි වැන්නවුන්ය. හරීන්ලා , අජිත්ලා වැනි ‌නොදරුවන්ට මේවා නොතේරෙන්නට පුළුවන. ඒත් ලිබරල්වාදියකු යැයි කියාගන්නා මංගලට නොතේරීම කණගාටුවකි. මංගලලා ට අජිත්ලා ට හරින්ලා ට වුවමනා අප්පා කළ ‌දේම පුතා ලවා කරවා ගන්නද? පුතා හම්බන්තොට එජාපයට කළ දේ හෙට සමස්ථ එජාපයටම කරවන්නද?

වසර 25 ක් තුළ සජිත් තිස්සමහාරාම ආසනයේ එකම ශාඛා සමිතියක් හදා නැත…

සජිත් ප්‍රේමදාස ඕනැ යැයි උඩපනින ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාපයේ සියළු දෙනා සජිත්ගේ තරම දන්නේය. ‘ජනසුවය’ නමින් ණය අයදුම්පත්‍ර බෙදමින් දිස්ත්‍රික්කයේ ණයකාරයන් බිහිකිරීම විනා වසර 25 ක් තුළ සජිත් ප්‍රේමදාස තිස්සමහාරාම ආසනයේ එකම ශාඛා සමිතියක් හදා නැත. ආසන බල මණ්ඩලයක් පවත්වා නැත. හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස පක්ෂයේ නීතීඥ සංවිධානයක් හෝ වෙනත් වෘත්තීය සංවිධාන හදා නැත. දිස්ත්‍රික් බල මන්ඩල පිහිටුවා නැත. කෙටියෙන්ම කියතොත් පක්ෂ යාන්ත්‍රණයක් බලගන්වා නැත. පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ගත වූ වසර ගණනාව තුළ තම තමන්ගේ දිස්ත්‍රික්කවල පක්ෂය ගොඩනැගීමේ කටයුතු කීයකට සජිත් සම්බන්ධවුනා දැයි අජිත්ලා, හරීන්ලා, මංගලලා මෙන්ම සජිත් ඕනෑය කියන හැමෝම කල්පනා කර බැලිය යුතුය.

ගණන් පුළුවන් නම් කල්පනා කර බලන්න..

පහුගිය අවසන් මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයට සජිත් තරඟ ක‌ෙළේ එජාප ආන්ඩුවක් යටතේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ ක‌ෙළේ හම්බන්තොටින් නොව කුරුනැගලින්ය. හම්බන්තොටින් සන්ධානයට නායකත්වය දුන්නේ චමල්ය. 196,980 (53.84%) ක් චමල්ගේ නායකත්වයෙන් ගනිද්දී නියෝජ්‍ය නායකයා ලෙසත්, අනාගත ජනාධිපති වීමට සිහින දකින්නා ලෙසත් සජිත් දිස්ත්‍රික්කයට ම ගත්තේ 130,433 ( 35.65%) ක් පමණි. කුරුණෑගලින් මහින්දගේ නායකත්වය යටතේ සන්ධානය මෙහෙයවද්දී එජාපය මෙහෙයවුයේ අකිල විරාජ් කාරියවසම් ය. පරාජයේ අනුකම්පාව රැගෙන ගිය මහින්ද නායකත්වය දුන් සන්ධානය 474,124 (49.26%) ගනිද්දි අකිල නායකත්වය දුන් එජාපයට 441,275 (45.85%) ක් හිමි විය. මේ අනුව බැලුවහොත් තම පියා ජනාධිපතිවරයෙක් නොවුනාට හිටපු ජනාධිපතිවරයා සමග උරෙනුර ගැටි ප්‍රතිපල පෙන්වූ අකිල විරාජ් සජිත්ට වඩා විසි තිස් ගුණයකින් එජාපයේ නායකත්වයට හෝ ජනපති අපේක්ෂකත්වයට සුදුසුය. හරීන්ලා ට, අජිත්ලා ට මෙය නොතේරුනා සේ සිටින්නේ අකිල සමග ඇති ඉරිසියාවක් නිසා ‌හෝ ගණන් බැරි නිසා විය යුතුය.

සජිත් ඉල්ලන කැබිනට් සගයන් කල්පනා කර බැලිය යුතු දේ..

සජිත්ගේ අමාත්‍යාංශ කෙරුවාව ද මීට නොදෙවෙනිය. ප්‍රේමදාස 1980 දශකයේ උදාගම් නිර්මාණය කරනවිට හැදූ ගෙදර දශක තුනකට පසු ඒ ලෙසම සජිත් හදන්නේ නිර්මාණශිලී නැති නිසාය. විල්පත්තුවේ කැලෑ එලිකර බදුර්දින් හදා ඇති නිවාස ව්‍යපෘතිය සහ සජිත්ගේ උදාගම් වල පින්තුර සැසඳූ කල්හි දෙකම එක සමාන ය. රටක් ලෙස ලෝකය සමග ඉදිරියට යද්දි නූතනයට ගැලපෙන නිවාස, පරිසර හිතකාමි ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරන්නට දැක්මක් ඔහුට නැත. ගත වු වසර හතර තුළ නිවාස ඇමතිවරයා ලෙස කැබිනට් පත්‍රිකා කීයක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර තිබේද ඒවායේ අන්තර්ගතය මොනවාද යන්න සජිත් ඉල්ලන මංගල ඇතුළු කැබිනට් සගයන් සිහිකර බැලිය යුතුය.

ජනාධිපතිවරණ සමයේ එජාපය සමග සිටි සංවිධාන ජවිපෙ සමග ගියේ ඇයි?

දැන් රටට වුවමනා ඡන්දය දිනන්න පමණක් හැකි ජනප්‍රිය පුද්ගලයකු නොව ඡන්දයෙන් පසු රට ද දිනවිය හැකි උද්දච්ඡ නැති, ඇහුම්කන් දෙන, කෙනෙකි. ඔහු එජාපයේ වීම ද අත්‍යාවශ්‍ය නැත. 2020 ජනාධිපතිට වඩා බලවත් වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. සජිත්ගේ ටිකිරි මොළයට ඒවා තේරෙන්නේ ද නැත. එජාපයට අවශ්‍යවන්නේ අග්‍රාමාත්‍යධුරයයි. එජාපය අග්‍රාමාත්‍යධුරය ගන්න නම් අනෙක් සහෝදර පක්ෂ දිනාගත යුතුය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 113 ක් ලබාගැනීම තනි දේශපාලන පක්ෂයකට සිදුකළ හැක්කක් නොවේ. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතරය දීමට ජනතාව කටයුතු කරන්නට ඉඩ අවකාශ වැඩිවන්නේ සිරිසේන නැටූ විගඩම නිසාය. මේ ජනාධිපතිවරනයේදි පුළුල් පෙරමුණක් අවශ්‍යවන්නේ ජනාධිපතිවරණය ජයගත යුතු නිසාය. සහෝදර පක්ෂවලට තහංචි දමා ඔවුන් කර ඇරියහොත් එජාපයට 2020 මහමැතිවරණයේ ද ඇඩ්‍රස් නැතිවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත්කරන වටපිටාවක ඒ අවාසිය ඇත්තේ ද එජාපයටම ය. ඒ ජවිපෙ සමග පහුගිය ජනාධිපතිවරණ සමයේ එජාපය සමග සිටි සංවිධාන සහ පිරිසක් එක්ව ඇති නිසාය.

සජිත් සහ කල්ලිය මේ නාඩගම නටන්නේ හිතාමතා එජාපය පරාජය කිරීමටයි..

සජිත් ඇතුළු නඩය මේ නාඩගම නටන්නේ හිතාමතාම එජාපය පරාජය කිරීමටය. මේකෙන් පරාජය වන්නේ සජිත් හෝ මංගල හෝ අජිත් හෝ හරීන් නොවේ. ඔවුන්ට පාර්ලිමේන්තුව දිනාගත හැකිය. ලක්ෂ 62 ට වැඩි රාජපක්ෂ විරෝධි ජනයා සහ ඒ තුළ සිටින එජාප පාක්ෂිකයා මේ තුල පරාජයට පත්වෙයි. සජිත් සිහින දකින්නේ 2025ට බව සජිත් ගැන දන්නෝ දනිති. සජිත් මේ කරන්නේ 2025 තමන්ට සිහසුන ගන්නට එජාපය පොඩි පට්ටම්කර විනාශ කර දැමිමය. වෙනත් නායකයකු 2020 පත්වනවා දකින්නට සජිත් කැමති නැත. 2015 සජිත් සිරිසේන දිනවන්නට හෝ 2010 ෆොන්සේකා දිනවන්නට රටවටා ගියේ නැත. හම්බන්තොට ට වි සිටියේය. මේ පාර කරන්නේ රටපුරා ජන්ද දායකයන්ට ජනාධිපතිවරණයට එජාපයට ජන්දය දැමීම වලක්වන්නට කැස කැවීමය.

රාජපක්ෂලා සජිත් එනතුරු බලා සිටී…

රාජපක්ෂලා සජිත් තරඟයට එනතුරු බලා සිටියි. රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින නාලිකා ඒ වෙනුවෙන් විශාල ලෙස ඉඩක් වෙන්කරති. සක්කිලි මහරාජා සජිත් හසුරුවන නිසා ඔහු තරඟයට දමාගෙන තමන්ගේ වැඩ කරගන්නට කල්පනා කරන්නේ දස වසරක සිටය. සිරිසේන සජිත්ව පුම්බන්නේ 2020 කෙසේ හෝ අපේක්ෂකයා විමේ යටි අදහස තම හිතේ ඇති නිසාය. සිරිසේනගේ උත්සාහය සජිත් සටනට පොළඹවා අවසන් මොහොතේ ඔහු තරඟයෙන් ඉවත්කරවා ගන්නා අතර තමන් පොහොට්ටු සන්ධාන නව එකතුවේ අපේක්‍ෂකයා වන්නටය. කොහොමින් කොහොම හරි සජිත් ප්‍රේමදාස එජාපය වලපල්ලට ගෙනයාමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සමාජ ජාලා කණ්ඩායමක් ද වැටුප් ගෙවා සුදානම් කර හමාරය.

එජාපයට සහ රටට හිතැති එජාප පාක්ෂිකයා සජිත්ගේ දහං ගැට වලට හසුනොවන බව සජිත් සහ දේශපාලනයේ ‘අ’ යන්න නොදන්නා ඔහුගේ ගෝලබාලයන් දැනගත යුතුය.

-සිරිනා කැලෑගොඩ විසිනි-

RSL

Related Posts