විශ්ව විද්‍යාලයට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන්ට තරුණ සේවා සභාවෙන් ලකුණු (වීඩියෝ)
- RSL
- August 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Eranga Welianga, Sri Lanka Youth
- 0 Comments
විශ්ව විද්‍යාලවලට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශයේ සුදුසුකම් එකතුවට ජාතික තරුණ සේවා සභාව හරහා වෙනම ලකුණු ක්‍රමයක් එකතු කරදීමේ වැඩසටහනක් පසුගියදා සිදුවිණ.
ඒ මෙරට පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් නිතීඥ එරන්ද වැලිඅංග මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “යුතුකම” ව්‍යාපෘතිය යටතේ මෙම ඇගයීමේ සහ ලකුණු ලබාදීමේ ක්‍රමයක් පළමු වතාවට හඳුන්වාදෙනු ලැබිණ.
විශේෂයෙන්ම තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

