නීතිපති තේරීම් කාරක සභාව හමුවේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඉවත්ව යයි (වීඩියෝ)
- RSL
- July 27, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- dappula de livera
- 0 Comments
කරන ලද ආරාධනයකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(26) පැමිණි අතර ඔහු කාරක සභාව හමුවේ පිළිතුරු නොදී සිටීමට අදාළව කරුණු දක්වා පිටව ගියේය.
එහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ කොමිසම හමුවේ තමා සාක්ෂි ලබා දෙන්නේ නම් නඩු විභාගයක් පැවැත්වෙන මෙවැනි අවස්ථාවක ලැඳියාවන් අතර ගැටළුවක් මතුවන බවයි.
ජනපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය යනු තමාගේ සේවා දායකයින් බව පෙන්වාදුන් නීතිපති දප්පුලද ලිවේරා මහතා කොමිසමේ සාක්ෂි ලබා දීම මඟින් අදාළ පාර්ශව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමද ගැටළු සහගත තත්ත්වයක් මතුකරන බව කියා සිටියේය.
එහියින් කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම නීතිපති ලෙස තමන්ට එකඟත්වය පළ කළ නොහැකි බව දප්පුලද ලිවේරා මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. නීතිපතිවරයාගේ මෙම කරුණු දැක්වීම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා කොමිසමේ කටයුතු විනාඩ් 15කට අත්හිටවුවේය.
යළි රැස්වු අවස්ථාවේ කොමිසම වෙනුවෙන් ප්‍රකාශයක් කළ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රිවරයා පැවසුවේ මීට පෙර සාක්ෂි ලබා දුන් ඇතැම් සාක්ෂිකරුවන් නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රකාශ පිළිබඳ පමණක් විමසිමට අපේක්ෂා කරන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ සාක්ෂි ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් යොමුකරන බවයි. ඊට කොමිසමේ අනුමැතිය හිමි වු අතර නීතිපති දප්පුලද ලිවේරා මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.
අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන අබ්දුල් මාලික් අසීස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.

