කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අය නෙමෙයි, ජාතික මට්ටමේ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි

Spread the love

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් මම වගකීමෙන් යුතුව කියන්නේ, තවමත් අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. දේශපාලඥයන් වශයෙන් නිතරම අපි නිවැරදි වියයුතුයි. අපි කරන සියලු දේ ජනතාවට හිතකර නොවන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ වලට වඩා අපි ජනතාව ගැන හිතලා කටයුතු කරන පක්ෂයක්. මේ රට සිංහල බෞද්ධ රටක් . නමුත් සියලු ජාතීන්, සියලු ආගම් වලට  ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය මත ජීවත්වීමේ අයිතිය අපි සුරක්ෂිත කල යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“ඔක්තෝබර් මාසේ 05 දා වනවිට මේ විහාරස්ථාන භූමියේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අගමැතිතුමා පොසොන් පොහොයදා මෙම ස්ථානයට පැමිණ පොරොන්දු වූ පරිදි මෙම කටයතු සිදු කරනවා. ඒ වෙනුවෙන් වන මූලික සාකච්ඡා අද ආරම්භ වුණා.

මෙම ස්ථානය දෙආකාරයකින් නවීකරණය කරනවා. ප්‍රධානම වශයෙන් මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින් මෙම නවීකරණ කටයුතු සිදුකරන්න අපි පියවර ගන්නවා. මෙම ස්ථානය නරඹන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් ඒ තුළින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා නායක ස්වාමීන්වහන්සේ අපට පෙන්නලා දුන්නා.  උන්වහන්සේගේ අනුදැනුම සහ අනුශාසනා අනුව අපි මෙහි නවීකරණ කටයුතු සිදු කරනවා. පෝය දින හැරෙන්නට සවස් කාලය වෙද්දි මෙම ස්ථානයට පැමිණීම ටිකක් දුෂ්කරයි. ලංවිම මගින් මෙම ස්ථානයට විදුලිබල සැපයුම තුළින් වෙනසක් ලබාදීලා තිබෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

දේශපාලනය තියන්නේ දිනකට දෙකකට සීමා වෙලා කළයුතු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ දෛනිකව ක්‍රියාකාරි වියයුතුයි. ඒ තුළින් ත්‍රස්තවාදය , අන්තවාදය සම්පූර්ණයෙන් නැතිකොට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන් එකමුතුව සමගිව එකම රටක් වශයෙන්  ජීවත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

යම් යම් පිරිස් කියනවා පසුගිය අප්‍රේල් 21 සිදුවු බෝම්බ ප්‍රහාරය ආණ්ඩුව සිය වාසියට හරවාගෙන කියලා. නමුත් එම සිද්ධිය අපි කව්රුත් දන්නා පරිදි අනපේක්ෂිත සිද්ධියක්. සුළු පිරිසක් එකතු වෙලා අන්තවාදීව කටයුතු කරලා මුලු රටක්ම විනාශ කළා. එවැනි තත්ත්වයක් ආයෙ කවදාවත් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරිම ආන්ඩුව සතු කාර්යයක්. ඒ නිසා අපි එම කටයුත්ත අනිවාර්යයෙන්ම කරනවා. පාස්කු ඉරිදා ඇති වූ ප්‍රහාරයත් සමග එක් අයෙකුට චෝදනා එල්ල වුනත්,  මුස්ලිම් මන්ත්‍රීවරුන් දියලුදෙනා ඉල්ලා අස්වුනේ පරීක්ෂණ කටයුතු පහසුකරන්න. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ සී.අයි.ඩී. වාර්තාව පසුගියදා නිකුත්වුණා. එම වාතාවෙන් ඔප්පු වුණා එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් චෝදනා නොමැති බව. ත්‍රස්තවාදීන් සුළු පිරිසක් සිදුකල විනාශකාරී කටයුත්තකට අනෙක් අයටයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ ” යැයි පැවසීය.

RSL

Related Posts