චෝදනා ඔප්පු කරන්න මුස්ලිම් මැති ඇමතිවරු සිය ධුරවලින් ඉවත්ව මාසයක් කල් දෙයි (වීඩියෝ)
- RSL
- June 3, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී.
රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් මේ වන විට සිංහල-මුස්ලිම් ජනතාව තුල ඇති සැකය සහ විරසකය යම් ප්‍රමාණයකට සමනය කිරීමටද පිටුවහලක් වනු ඇත.
එසේම මෙම කාලසීමාව තුළ මුස්ලිම් අන්තවාදී ත්රස්තවාදයට ආධාර අනුබල දී ඇති මැති ඇමතිවරුන්ට එරෙහි කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමත් වරදකරුවන්ට එරෙහිව දඬුවම් දීමත් සිදුකළ යුතුව ඇත.
ඇමති ධුර අතහැරියද ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස තව දුරටත් රජය නියෝජනය කිරීමටද තීරණය කර ඇත.
ඉල්ලා අස්වන ඇමතිවරුන් පිරිස මෙසේය.
රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා නවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවට කිහිපයකින් අනතුරුව මුස්ලිම් මැති ඇමතිවරුන් ගත් මෙම තීන්දූව දේශපාලන උපායමාර්ගික වශයෙන් අතිශය උපක්‍රමශීලී වන අතර ජාතිවාදය දඬමීමා කරගනිමින් රටේ ගැටුම් ඇතිකරමින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරට පෙරළා එල්ල වුණු දැවැන්ත පහරකි.

