මැකෝ දෙසැ.7 ජනාධිපතිවරණය පවත්වන බව කීවද, ඒවට තව කල් තිබෙන බව ජනපති ඉන්දියාවේදීම කියයි (වීඩියෝ)
- RSL
- June 1, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election Commission, President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවද, මැතිවරණයට අපට තව කල් තිබෙන බවත්, පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන පක්ෂ තවම කිසිදු අපේක්ෂකයෙකු නම් නොකර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයට ඉන්දියාවේදීම පිළිතුරු දෙමින් පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බවත්, අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂයන් තීරණය කරන තෙක් තමන් විමසිල්ලෙන් බලා සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිගේ ඉන්දීය සංචාරය අතරතුර විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
කෙසේ වෙතත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන්නේ, ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් ගෙන ඒමට අදාළ කටයුතු මෛත්‍රී-මහින්ද සුසංයෝගයෙන් ක්‍රියාත්මක වෙනුවෙන් පවතින බවයි.

