රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.
කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
“ඔහු එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගේ හයිය ගැන වහසි බස් කියමින් ආණ්ඩුවේ ඉන්නවා.
රිෂාඩ්ව ඇමතිකමෙන් හෙට ඉවත් කළොත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළොත් මන්ත්‍රීවරු සියල්ල රිෂාඩ්ගෙන් ඉවත් වෙනවා එක් අයෙක් හැර.
2003/2004 කාලය තුළ පේරාදෙණිය රෝහලේ හිටපු වෛද්‍ය සිරාජ් සහ තවත් වෛද්‍යවරියක් පිළිබඳ පරීක්ෂණ කරනවා නම් සාක්ෂි දෙන්න ඔපරේෂන්වලට සහභාගි වුණු අය, රෝහල් පරිපාලනය, පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ අය ළඟ තොරතුරු තියෙන බව හෙළිවුණා
වෛද්‍යවරු, හෙදියන් ඇවිස්සෙනකොට ඔහු මාරුවීමක් ගන්නවා කල්මුණේට මාරුවීම හැදුවෙත් රිෂාඩ් බදියුදීන්” යනුවෙන් පැවසීය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා ප්‍රතිඵල ඇතිවෙයිදැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ,
“වෙන්නෙ නෑ සෞඛ්‍ය ඇමති රිෂාඩ්ගෙ සාක්කුවේ ඉන්නෙ” යනුවෙනි.